මෙම තත්ත්වය ලංකාවේ තරුණ ප්‍රජාවට ක්ෂේත්‍ර ගණනාවකින් බලපෑම් එල්ල කර ඇත. ඉන් එක් ක්ෂේත්‍රයක් ලෙස අද්‍යාපන ක්ෂේත්‍රය දක්විය හැකිය. ලංකාව කොවිඩ් වසංගතයට මුහුණ දෙන අවස්ථාව වන විට විෂ්වවිද්‍යාල අද්‍යාපනය ලබන, එම වසරේ අ.පො.ස. උසස් පෙළ විභාහයට මුහුණ දීමට සිටින, එලෙසම රැකියා ලබා ගැනීමේ අරමුණ ඇතිව විවිද පාඨමාලා හදාරන තරුණ සිසුන් රැසක් මාස කිහිපයක් සිය අද්‍යයන කටයුතු කර ගැනීමේ හැකියාවක් නොමැතිව කල් ගත් කළේය. එහෙත් මීට විසඳුම් ලෙස බොහෝ අද්‍යන කටයුතු අන්තර්ජාලය භාවිත කරමින් සිදු කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය විය. කෙසේ වෙතත් මෙම ක්‍රමය අද්‍යාපන කටයුතු සිදු කරන සමස්ත තරුණ ප්‍රජාව සඳහා නිවැරදි විසඳුමක් නොවිණි. අන්තර්ජාලය භාවිතය සඳහා අවෂ්‍ය මෙවලම්, එනම් සුහුරු ජංගම දූරකථන (ස්මාට් ෆෝන්), පරිගණක ආදිය නොමැති යොවුන් පුද්ගලයන් ප්‍රමාණයෙන් අවම වුවත් අන්තර්ජාලයට පිවිසීම සඳහා අවෂ්‍ය කරන සබඳතා ගැටලු සහිත පිරිසක් සිටියි. එසේ හෙයින් මෙලෙස අද්‍යාපන කටයුතු සිදු කළත් එය බොහෝ පිරිසකට සාර්ථක පිළියමක් බවට පත් වී නොමැත.
එලෙසම මෙලෙස අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන මාර්ගගත අද්‍යයනය නිසා විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම පාසල් සිසුන්ටද තම මිතුරු මිතුරියන් සමඟ, සම වයස් කණ්ඩයම් සමඟ එකට එක්ව කටයුතු කිරීමට තිබෙන අවස්ථාව අහිමි වී ඇත. මෙවන් ආකාරයට තරුණ පිරිස් සිය අධ්‍යාපන කටයිතු සිදු කළත් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඔවුන් මෙවන් ආකාරයේ විවිධ ගැටලවලට මුහුණ දෙනු ලබයි.
මෙම පිරිස අතර අධ්‍යාපන කටයුතු අවසන් කර රැකියා අපේක්ෂාවෙන් සිටින පිරිසක් ද සිටියි.කොවිඩ් 19 රෝගය හේතුවෙන් ඔවුනට රැකියාවක් සොයා ගැනීමේ අපහසුතාවයක් ඇත. උදාහරණයකක් ලෙස උපාධිය සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කළත් විශ්වවිද්‍යාල මට්ටමෙන් උපාධි උත්සවය නොපැවැත්වීම හේතුවෙන් යහපත් රැකියාවක් සොයා ගැනීමේ දුෂ්කරතාවයන්ට තරුණ පරපුරට මුහුණ දීමට සිදුවී තිබේ. එමෙන්ම නිරෝධායන ක්‍රමවේදය, ඇඳිරි නීතිය සහ සංචරන සීමා ආදිය හේතුවෙන් රැකියා සඳහා පිටත්ව ගිය ඇතැම් කණ්ඩායම් සඳහා දිගටම සිය රාජකාරියේ යෙදීමට සිදුවිය.
මෙම රෝගය ලෝක වසංගත තත්ත්වයක් වීම හේතුවෙන් ලංකාවෙහි සංචාරක කර්මාන්තයේ ද අඩපණ වීමක් සිදුවිය. සංචාරක කර්මාන්තය සමඟ බැඳි රිජු හා වක්‍ර ලෙස රැකියා සිදු කරන පුද්ගලයින්ට සිය රැකියාව කරගෙන යාමෙ අපහසුතවයක්ද පැවතුණි. මෙවන් හේතු නිසාද තරුණ පුද්ගලයින් මානසික ඇඳ වැටීම්වලට ලක්විය.
මේ අයුරින් රැකියාව ආශ්‍රිතව මෙන්ම ආර්ථිකමය වශයෙන් ද මෙම පිරිස් විවිධ ගැටලුවලට ලක්විය. රාජ්‍ය සේවකයන් සඳහා මසකට වරක් සිය වේතන ලැබුනද රාජ්‍ය නොවන පෞද්ගලික ආයතනයන්හි සේවය කරන සෑම සේවකයෙකුටම එවන් අවස්ථාවක් නොලැබුණි. ඇතැම් පෞද්ගලික ආයතනයන්හි සේවකයන්ට ලබා දෙන සම්පූර්ණ වැටුපෙන් අඩක් පමණක් ලබාදුණි. දූ දරුවන් සිටින ඇතැම් තරුණ දෙමාපියන්ට සිය දරුවන්ගේ අවශ්‍යතා ඉටු කරලීමට එම මුදල ප්‍රමාණවත් නොවිය හැකිය. මෙම වසංගතය හේතුවෙන් බොහෝ පුද්ගලයින් ආර්ථිකමය අපහසුතාවයන්ට මුහුණ දුණි. එමෙන්ම ස්වයං රැකියාවන් සඳහා යොමු වූ තරුණයන් ද ඇත. වර්තමානය වන විටද ර්ටෙහි පවත්නා මෙම වසංගත තත්ත්වය හේතුවෙන් මොවුන ආර්ථික වශයෙන් දැඩි බලපෑමකට ලක් වී ඇත.
මේ කාලය වන විට බොහෝ දෙනා නිවසට වී සිටීම නිසා පුද්ගලයන්ගේ සාමන්‍ය දෛනික ක්‍රියා අවම වී තිබේ. එනිසා තරබාරු වීම, කොලෙස්ට්‍රෝල් වැනි විවිධ සෞඛ්‍ය ගැටලුවලට ද මුහුණ දීමට සිදුව ඇත. මෙවැනි සෞඛ්‍යමය ගැටලු නිසා මානසිකව තාරුණ්‍යය පීඩනයට පත් වේ.
මිනිසා ස්ථිතක ලෙස ජීවත් වන සත්ත්වයෙකු නොවේ. නිතරම වෙනස් වීමට ලක්වන, වෙනස් වීම ප්‍රිය කරන්නෙකි.කොවිඩ් වෛරසයට ලංකාව ගොදුරු වීමට පෙර තරමක ඒකාකර දිවියක් ගත කළත් විවේකයක් ලද සැනින් තරුණ පිරිස් එකට එක්ව විනෝදයෙන් කාලය ගෙවීම සිදු කරයි. එහෙත් මෙම තත්ත්වය නිසා එක් ස්ථානයකට සීමා වී සිටීමට සියල්ලටම සිදු වී තිබේ. එලෙසම තම වෘත්තීමය කටයුතු ද බොහෝ දෙනා නිවසට වී සිදු කිරීමට පෙල ඹී ඇත. තමාගේ ජීවිතයේ සුන්දරම කාල පරාසය මෙලෙස ඒකාකරී ලෙස ගෙවීමට සිදුවීම, ජීවන රටාවේ වෙනස්කම් සිදුව තිබීමද තාරුණ්‍යයන් බලපෑමට ලක් වන තවත් ආකරයකි.
එමෙන්ම මේ වන විට බොහෝ තරුණ පිරිස් සිය අනාගතය පිළිබඳ අශුභවාදී, රිනාත්මක අදහස් ඇති කරගෙන ඇත. හදිසියේ උද්ගත වූ මෙම තත්ත්වය හේතුවෙන් බොහෝ පිරිසකගේ විවාහ මංගලෝත්සව දින වෙනස් වීමකට ලක්විය. එමෙන්ම ප්‍රේම සම්බන්ඳතවන් සඳහා විව්ධ ප්‍රශ්න ඇති වීමද සිදුවිය හැකිය. ඇතැම් අධ්‍යාපන කටයුතු නිසියාකරව සිදුකර ගැනීමට නොහැකි වීම නිසා අනාගතය පිළිබඳ බියක් ඇතිවීම, කොවිඩ් 19 ආසාදනය වූ හෝ ආසදනය වූවෙකුගේ ආශ්‍රිතයෙකු වන්නේ නම් ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත් හැරීම වැනි විවිධාකරයේ අශුභවාදී අදහස් ඇති කර ගැනීම හෝ ඇතිවීම ද තරුණ ප්‍රජාව අතර දක්නට ලැබෙන්නකි.
තාක්ෂණික වශයෙන් ඇති දැනුමෙන් තරුණ පරපුර ඉදිරියෙන් සිටියත් මෙම තත්ත්වයත් සමඟ යොවුන් පරපුර තාක්ෂණයට ඇබ්බැහි වීමක් සිදුව ඇත. දිනයේ වැඩි වෙලාවක් තාක්ෂණය සමඟ ගනුදෙනු කිරීම හේතුවෙන් පාසල් වියේ තරුණ තරුණියනගේ සිට බොහෝ තරුණ පිරිස් සමාජ මාධ්‍ය ජාල සමඟ, අන්තර්ජාලය සමඟ ගත කරන කාලය ඉහළ ගොස් ඇත. මෙලෙසින් තරුණ පිරිස බහුල වශයෙන් තාක්ෂණයට ඇබ්බැහි වීමද කොවිඩ් 19 වසංගතයෙන් ලද බලපෑම්ය.
පවනි රණසිංහ
No comments:
Post a Comment