වර්ෂ 2020 ලොව වෙසෙන සියලු ජනයා ඉතාමත් බියකරු වසංගත තත්ත්වයකට මුහුණ දුන් වසරක් විය. චීනයේ වූහාන් නම් නගරයෙන් ආරම්භ වූ මෙම රෝගය කොවිඩ් 19 ලෙස හදුන්වයි. මේ වන විටද ලංකාව ඇතුලු ලොව සියලුම රටවල් ඊට මුහුණ දෙමින් සිටියි. මෙම රෝගී තත්ත්වය සදහා වසරකට ආසන්න කාලයක් ගත වන තෙක් නිවැරදි ඖෂද සොයා ගැනීමට නොහැකි වූ අතර මෙය වෛරසයක් මගින් මිනිසාට බෝ වනන්කි.
එහෙත් මිනිසා බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ඒ අයුරින් ගත කිරීමට සිදිවිය. කාලයාගේ ඇවෑමෙන් පුද්ගලයාට මෙම ජීවන රටාවෙන් ද සෑහීමක් නොලබුණි. එලෙසම ආර්ථික ගැටලු, ඉගෙනීම සම්බන්ද ගටලු, මානව අයිතිවාසිකම් කඩවීම් ඇතුලු අර්බුඩ රැසකට මුහුණ දීමට විය. ක්‍රම ක්‍රමයෙන් කොවිඩ් වසංගතය කුඩා දරුවාගේ සිට මහලු පුද්ගලයා දක්වා බලපෑම් ඇති කිරීමට සමත් විය. මීට තරුණ පිරිස ද අයත් වේ.
ලංකාව තුළ මේ වන විට පවතින්නේ කොවිඩ් රෝගය ආෂ්‍රිත තුන්වෙනි රැල්ලයි. මෙය තරුණ ප්‍රජාවට වැඩිපුර බලමපෑමක් ඇති කරනා බව වෛදයවරුන්ගේ අදහසයි. වර්තමානය වන විට අප රට තුළ පවතින මෙම වසංගත තත්ත්වය හේතුවෙන් තරුණ පිරිස මුහුණ දෙනු ලබන ගැටලු කිහිපයක් සමග වෙනත් ල්පියකින් නැවත හමුවෙමු.
No comments:
Post a Comment