"වාක්‍යං රසාත්මකං කාව්‍යම් රසය ආත්මය කොට ඈත්තා වූ වාක්‍ය කාව්‍යය යි"1 යනු භාරතීය විචාරකයෙකුගේ මතයයි. ඒ අනුව ළඟන්නාසුලු අයුරින් රසවත්ව ලියා ඈති වාක්‍ය කාව්‍ය වන බවයි. කාව්‍ය පිළිබඳ කුමාරතුංග මුනිදාසයන්ගේ පියසමරෙහිද මෙසේ දක්වා ඇත.
"රසවත් කාව්‍ය නමැති අලංකාරිකයෝ කියති. මේ ඉතා මෑතෙකදී ගෙතුණු සූත්‍රයෙකෑයි හෑඟේ. මුලදී නම් කව්‍යය වෘත්තය හා නිත්‍ය සම්බන්ධයෙන් යුක්ත වූ බවට සැක නැති. එ කල 'කාව්‍ය' යනු කිමෙක් ද? යන ප්‍රශ්නයට ලැබතොත් වෘත්තයට නැඟූ වාක්‍ය යැ යන උත්තරය යැයි කියුව සත්‍යයෙන් අදත් වෙති යි නො සිතේ. "2
භාරතීය විචාරකයන් විසින් කාව්‍ය පිළිබඳ පළ කරන ලද හැම මතයක්ම පාහේ රසය මුල් කොටගෙන පවතියි. කව්‍යයේ ජීවය, ප්‍රධාන අරමුණ රස නිෂ්පත්තිය හෙයිනි. කෙසේ වුවද රසය බෙදා දැක්වීම ශාස්ත්‍රානුකූල නොවේ. කව්‍යයන්ගේ ප්‍රමාණයේ තරමටම රසයන්ගේ ප්‍රමාණයද අධික යැයි කීම අතිශයෝක්තියක් නොවේ. රසයන් නම් කිරීමද අපහසු කාර්යයකි. එසේ කිරීමේ අවශ්‍යතාවක් ද ප්‍රයෝජනයක් ද නැති බවාඅරිය රාජකරුණා පවසනු ලබයි.
සිංහල පද්‍ය කාව්‍ය සඳහා දෘෂ්ටාන්ත ලෙස කව්සිළුමිණ, කාව්‍යශේඛරය, පැරකුම්බා සිරිත . සැළලිහිණි සංදේශය, සඳකිඳුරු දා කව ආදිය පෙන්වාදිය හැකි අතර අමාවතුර, බුත්සරණ ආදිය ගද්‍ය කාව්‍ය වේ. ශ්‍රව්‍යකාව්‍ය හා දෘශ්‍යකාව්‍ය වශයෙන් ද කාව්‍යය බෙදා දැක්විය හැකිය. ඇසීමෙන් රසවිඳිය යුතු 'කාව්‍යශේඛරය' ආදිය ශ්‍රව්‍යකාව්‍ය සඳහා නිදර්ශන වන අතර 'නාගානන්ද' වැනි දැකබලා රසවිඳිය යුතු කාව්‍ය දෘශ්‍යකාව්‍යය ලෙස හැඳින්විය හැකිය.
"පද්‍යකාව්‍ය, මහාකාව්‍ය සහ ඛණ්ඩකාව්‍ය යයි ද පැරණියෝ බෙදූහ. කවිසිළුමිණ,කවිසේකර මහාකාව්‍ය යි. මුවදෙව්දාවත, තිසර සංදේශ ඛණ්ඩකාව්‍ය යි. ප්‍රසිද්ධ පුද්ගලයෙකු කථානායකයා කොට සර්ග බැඳ නගර, ජල ක්‍රීඩා, ඍතුගුණ ආදිය උත්කර්ෂයෙන් වර්ණනාකොට තැනුවේ මහාකාව්‍ය යි. මහාකාව්‍ය ලක්ෂණ කීපයෙකින් ගෙතූවේ ඛණ්ඩකාව්‍යයි. මේ පුරාණ අලංකාර ශාස්ත්‍රඥයන් කාව්‍යය ලක්ෂණ කී සැටිය.දැනුත් බොහෝදෙනා මේ ලක්ෂණ අනුව ම කවි බැඳීමට පෙළඹෙති."3
මේ අනුව 'කවිය යනු කුමක් ද?' යන පැනයට නිශ්චිතවම පිළිතුරක් ලබාදිය නොහැක. එය පුද්ගලානුබද්ධ වේ. කාලානුරූපී වේ. නමුත් කවිය යනු පුද්ගලයාගේ රස වින්දනයටත් සමාජ විවරණයටත් යොදා ගනු ලබන මාධ්‍යයක් ලෙස සරලව හැඳින්විය හැකිය.
1. ආරිය රාජකරුණා, මුල් යුගයේ හා මෑත යුගයේ සාහිත්‍යය නිබන්ධන (කොළඹ:ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2012), 09.
2. කුමාරතුංග මුනිදාස, පියසමර (කොළඹ: විසිදුනු ප්‍රකාශකයෝ,1999),03.
3. කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි, සාහිත්‍යය හා සමාජය (පෑලියගොඩ: විද්‍යාලංකාර සභාව විසින්, 1946),53.