Friday, June 4, 2021

භරත නාට්‍ය

         භරත නාට්‍ය යනුවෙන් හඳුන්වන්නෙ නර්තන කලාවකි. මෙය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයෙන් ආරම්භ වී ඇත. භරත නාට්‍ය යන්නෙහි අර්ථය වන්නේ, 

     භ - භාව

     ර - රාග

     ත - තාල

     නාට්‍ය - නර්තනය   යන්නයි.

       

         දේවදාසීන් යන්නෙහි 'දෙවියන්ට දාසකම් කරන' යන අරුත ඇත. කුඩා කාලයේ දේවාලයට භාර දෙන දරුවා මියයන තෙක් ඇය දෙවියන්ට විවාහ කර දුන් බව සිතිය යුතුය. යටත් විජිත සමයට පෙර මොවුන් දෙවියන් පිනවීම සඳහා නටන පුද්ගලයින් ලෙස හැඳින්වීය. එනිසා මෙවැනි කතුන් nautch  girls ලෙස ද හැඳින්වීය. මෙය තරමක් අවමාන අර්ථයකින් භාවිත විය.

        දේවදාසින් යනු සංකීර්ණ සංකල්පයකි. එම තරුණියන්ට විවාහ විය නොහැක. එහෙත් මෙම කාන්තවන් පූජකවරුන්ගේ,රජවරුන්ගේ හා බලය තිබෙන පුද්ගලයින්ගේ ලිංගික අවශ්‍යතාවන් සඳහා භාවිත කරලීය. අන් කාන්තාවන්ට නොමැති බලයක් දේවදාසින් සතු විය. ඇතම් අවස්ථාවල රජුන්ව විවේචනය කිරීමට පවා හැකියාවක් මෙම කතුන් සතු විය.  

        යටත්විජිත සමයේ දේවදාසි අදහස ගණිකා වෘත්තියක් ලෙස පෙණිනි. එනිසා යුරෝපීන් විසින් 1920 ගණන්වල දේවාල නැටුම් තහනම් කරනු ලැබීය. භරත නාට්‍යම් ලෙස නිශ්චිත කලාවක් ඇතිවන්නේ 1920 ගණන්වලින් පසුවයි. ඊට පෙර මෙම නර්තන කලාව 'සදීර්' ලෙස හැඳින්විය.  

        ඉහළ පංතියේ බ්‍රාහ්මණ කුලයෙන් පැමිණි රුක්මණී දේවි භරත නාට්‍යම් ඉගෙනගෙන ගෞරවනීයත්වයක් ලබාදීම මඟින් එය ආරක්ෂා කරලීය. රුක්මණී දේවි දේවදාසින් පන්නා දමා නැටුම් ඉහළ් පෙළේ බ්‍රාහ්මීය කාන්තාවන් අතර පමණක් ප්‍රචලිත වූ අතර තබා ගැනීමට මුල්විය. පසුව මෙය ඉහළ පැළැන්තියේ කාන්තාවන් අතර පමණක් ප්‍රචලිත විය. එහිදී භරත නාට්‍යම් යන නම ලැබිණි.   

පවනි රණසිංහ


Saturday, May 29, 2021

කවිය යනු කුමක්ද?

         "වාක්‍යං රසාත්මකං කාව්‍යම් රසය ආත්මය කොට ඈත්තා වූ වාක්‍ය කාව්‍යය යි"1 යනු භාරතීය විචාරකයෙකුගේ මතයයි. ඒ අනුව ළඟන්නාසුලු අයුරින් රසවත්ව ලියා ඈති වාක්‍ය කාව්‍ය වන බවයි. කාව්‍ය පිළිබඳ කුමාරතුංග මුනිදාසයන්ගේ පියසමරෙහිද මෙසේ දක්වා ඇත.

"රසවත් කාව්‍ය නමැති අලංකාරිකයෝ කියති. මේ ඉතා මෑතෙකදී ගෙතුණු සූත්‍රයෙකෑයි හෑඟේ. මුලදී නම් කව්‍යය වෘත්තය හා නිත්‍ය සම්බන්ධයෙන් යුක්ත වූ බවට සැක නැති. එ කල 'කාව්‍ය' යනු කිමෙක් ද? යන ප්‍රශ්නයට ලැබතොත් වෘත්තයට නැඟූ වාක්‍ය යැ යන උත්තරය යැයි කියුව සත්‍යයෙන් අදත් වෙති යි නො සිතේ. "2  

        භාරතීය විචාරකයන් විසින් කාව්‍ය පිළිබඳ පළ කරන ලද හැම මතයක්ම පාහේ රසය මුල් කොටගෙන පවතියි. කව්‍යයේ ජීවය, ප්‍රධාන අරමුණ රස නිෂ්පත්තිය හෙයිනි. කෙසේ වුවද රසය බෙදා දැක්වීම ශාස්ත්‍රානුකූල නොවේ. කව්‍යයන්ගේ ප්‍රමාණයේ තරමටම රසයන්ගේ ප්‍රමාණයද අධික යැයි කීම අතිශයෝක්තියක් නොවේ. රසයන් නම් කිරීමද අපහසු කාර්යයකි. එසේ කිරීමේ අවශ්‍යතාවක් ද ප්‍රයෝජනයක් ද නැති බවාඅරිය රාජකරුණා පවසනු ලබයි.

        සිංහල පද්‍ය කාව්‍ය සඳහා දෘෂ්ටාන්ත ලෙස කව්සිළුමිණ, කාව්‍යශේඛරය, පැරකුම්බා සිරිත . සැළලිහිණි සංදේශය, සඳකිඳුරු දා කව ආදිය පෙන්වාදිය  හැකි අතර අමාවතුර, බුත්සරණ ආදිය ගද්‍ය කාව්‍ය වේ. ශ්‍රව්‍යකාව්‍ය හා දෘශ්‍යකාව්‍ය වශයෙන් ද කාව්‍යය බෙදා දැක්විය හැකිය. ඇසීමෙන් රසවිඳිය යුතු 'කාව්‍යශේඛරය' ආදිය ශ්‍රව්‍යකාව්‍ය සඳහා නිදර්ශන වන අතර 'නාගානන්ද' වැනි දැකබලා රසවිඳිය යුතු කාව්‍ය දෘශ්‍යකාව්‍යය ලෙස හැඳින්විය හැකිය. 

"පද්‍යකාව්‍ය, මහාකාව්‍ය සහ ඛණ්ඩකාව්‍ය යයි ද පැරණියෝ බෙදූහ. කවිසිළුමිණ,කවිසේකර මහාකාව්‍ය යි. මුවදෙව්දාවත, තිසර සංදේශ ඛණ්ඩකාව්‍ය යි. ප්‍රසිද්ධ පුද්ගලයෙකු කථානායකයා කොට සර්ග බැඳ නගර, ජල ක්‍රීඩා, ඍතුගුණ ආදිය උත්කර්ෂයෙන් වර්ණනාකොට තැනුවේ මහාකාව්‍ය යි. මහාකාව්‍ය ලක්ෂණ කීපයෙකින් ගෙතූවේ ඛණ්ඩකාව්‍යයි. මේ පුරාණ අලංකාර ශාස්ත්‍රඥයන් කාව්‍යය ලක්ෂණ කී සැටිය.දැනුත් බොහෝදෙනා මේ ලක්ෂණ අනුව ම කවි බැඳීමට පෙළඹෙති."3  

        මේ අනුව 'කවිය යනු කුමක් ද?' යන පැනයට නිශ්චිතවම පිළිතුරක් ලබාදිය නොහැක. එය පුද්ගලානුබද්ධ වේ. කාලානුරූපී වේ. නමුත් කවිය යනු පුද්ගලයාගේ රස වින්දනයටත් සමාජ විවරණයටත් යොදා ගනු ලබන මාධ්‍යයක් ලෙස සරලව හැඳින්විය හැකිය.


1. ආරිය රාජකරුණා, මුල් යුගයේ හා මෑත යුගයේ සාහිත්‍යය නිබන්ධන (කොළඹ:ඇස්. ගොඩගේ සහ                   සහෝදරයෝ, 2012), 09.

2. කුමාරතුංග මුනිදාස, පියසමර (කොළඹ: විසිදුනු ප්‍රකාශකයෝ,1999),03.

3. කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි, සාහිත්‍යය හා සමාජය (පෑලියගොඩ: විද්‍යාලංකාර සභාව විසින්, 1946),53.

Saturday, May 22, 2021

කොවිඩ් සහ ලාංකේය තරුණ පරපුර - II

        කොවිඩ් රෝගය හමුවේ බලපෑමට ලක් වන එක් ප්‍රජා කණ්ඩායමක් වන්නේ ලාංකේය තරුණ කොට්ඨාෂයයි. මොවුන් ර්ටෙහි ෂ්‍රම බලකාය වන අතරම රටෙහි ආර්ථිකය සඳහා විෂාල දායකත්වයක් සපයන පිරිසයි. වයස අවුරුදු 18 සිට මැද අවදිය දක්වා පිරිස තරුණ පිරිසට අයත් වේ. 

        මෙම තත්ත්වය ලංකාවේ තරුණ ප්‍රජාවට ක්ෂේත්‍ර ගණනාවකින් බලපෑම් එල්ල කර ඇත. ඉන් එක් ක්ෂේත්‍රයක් ලෙස අද්‍යාපන ක්ෂේත්‍රය දක්විය හැකිය. ලංකාව කොවිඩ් වසංගතයට මුහුණ දෙන අවස්ථාව වන විට විෂ්වවිද්‍යාල අද්‍යාපනය ලබන, එම වසරේ අ.පො.ස. උසස් පෙළ විභාහයට මුහුණ දීමට සිටින, එලෙසම රැකියා ලබා ගැනීමේ අරමුණ ඇතිව විවිද පාඨමාලා හදාරන තරුණ සිසුන් රැසක් මාස කිහිපයක් සිය අද්‍යයන කටයුතු කර ගැනීමේ හැකියාවක් නොමැතිව කල් ගත් කළේය. එහෙත් මීට විසඳුම් ලෙස බොහෝ අද්‍යන කටයුතු අන්තර්ජාලය භාවිත කරමින් සිදු කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය විය. කෙසේ වෙතත් මෙම ක්‍රමය අද්‍යාපන කටයුතු සිදු කරන සමස්ත තරුණ ප්‍රජාව සඳහා නිවැරදි විසඳුමක් නොවිණි. අන්තර්ජාලය භාවිතය සඳහා අවෂ්‍ය මෙවලම්, එනම් සුහුරු ජංගම දූරකථන (ස්මාට් ෆෝන්), පරිගණක ආදිය නොමැති යොවුන් පුද්ගලයන් ප්‍රමාණයෙන් අවම වුවත් අන්තර්ජාලයට පිවිසීම සඳහා අවෂ්‍ය කරන සබඳතා ගැටලු සහිත පිරිසක් සිටියි. එසේ හෙයින් මෙලෙස අද්‍යාපන කටයුතු සිදු කළත් එය බොහෝ පිරිසකට සාර්ථක පිළියමක් බවට පත් වී නොමැත.

        එලෙසම මෙලෙස අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන මාර්ගගත අද්‍යයනය නිසා විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම පාසල් සිසුන්ටද තම මිතුරු මිතුරියන් සමඟ, සම වයස් කණ්ඩයම් සමඟ එකට එක්ව කටයුතු කිරීමට තිබෙන අවස්ථාව අහිමි වී ඇත. මෙවන් ආකාරයට තරුණ පිරිස් සිය අධ්‍යාපන කටයිතු සිදු කළත් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඔවුන් මෙවන් ආකාරයේ විවිධ ගැටලවලට මුහුණ දෙනු ලබයි.  

        මෙම පිරිස අතර අධ්‍යාපන කටයුතු අවසන් කර රැකියා අපේක්ෂාවෙන් සිටින පිරිසක් ද සිටියි.කොවිඩ් 19 රෝගය හේතුවෙන් ඔවුනට රැකියාවක් සොයා ගැනීමේ අපහසුතාවයක් ඇත. උදාහරණයකක් ලෙස උපාධිය සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කළත් විශ්වවිද්‍යාල මට්ටමෙන් උපාධි උත්සවය නොපැවැත්වීම හේතුවෙන් යහපත් රැකියාවක් සොයා ගැනීමේ දුෂ්කරතාවයන්ට තරුණ පරපුරට මුහුණ දීමට සිදුවී තිබේ. එමෙන්ම නිරෝධායන ක්‍රමවේදය, ඇඳිරි නීතිය සහ සංචරන සීමා ආදිය හේතුවෙන් රැකියා සඳහා පිටත්ව ගිය ඇතැම් කණ්ඩායම් සඳහා දිගටම සිය රාජකාරියේ යෙදීමට සිදුවිය. 

            මෙම රෝගය ලෝක වසංගත තත්ත්වයක් වීම හේතුවෙන් ලංකාවෙහි සංචාරක කර්මාන්තයේ ද අඩපණ වීමක් සිදුවිය. සංචාරක කර්මාන්තය සමඟ බැඳි රිජු හා වක්‍ර ලෙස රැකියා සිදු කරන පුද්ගලයින්ට සිය රැකියාව කරගෙන යාමෙ අපහසුතවයක්ද පැවතුණි. මෙවන් හේතු නිසාද තරුණ පුද්ගලයින් මානසික ඇඳ වැටීම්වලට ලක්විය.

        මේ අයුරින් රැකියාව ආශ්‍රිතව මෙන්ම ආර්ථිකමය වශයෙන් ද මෙම පිරිස් විවිධ ගැටලුවලට ලක්විය. රාජ්‍ය සේවකයන් සඳහා මසකට වරක් සිය වේතන ලැබුනද රාජ්‍ය නොවන පෞද්ගලික ආයතනයන්හි සේවය කරන සෑම සේවකයෙකුටම එවන් අවස්ථාවක් නොලැබුණි. ඇතැම් පෞද්ගලික ආයතනයන්හි සේවකයන්ට ලබා දෙන සම්පූර්ණ වැටුපෙන් අඩක් පමණක් ලබාදුණි. දූ දරුවන් සිටින ඇතැම් තරුණ දෙමාපියන්ට සිය දරුවන්ගේ අවශ්‍යතා ඉටු කරලීමට එම මුදල ප්‍රමාණවත් නොවිය හැකිය. මෙම වසංගතය හේතුවෙන් බොහෝ පුද්ගලයින් ආර්ථිකමය අපහසුතාවයන්ට මුහුණ දුණි. එමෙන්ම ස්වයං රැකියාවන් සඳහා යොමු වූ තරුණයන් ද ඇත. වර්තමානය වන විටද ර්ටෙහි පවත්නා මෙම වසංගත තත්ත්වය හේතුවෙන් මොවුන ආර්ථික වශයෙන් දැඩි  බලපෑමකට ලක් වී ඇත.

        මේ කාලය වන විට බොහෝ දෙනා නිවසට වී සිටීම නිසා පුද්ගලයන්ගේ සාමන්‍ය දෛනික ක්‍රියා අවම වී තිබේ. එනිසා තරබාරු වීම, කොලෙස්ට්‍රෝල් වැනි විවිධ සෞඛ්‍ය ගැටලුවලට ද මුහුණ දීමට සිදුව ඇත. මෙවැනි සෞඛ්‍යමය ගැටලු නිසා මානසිකව තාරුණ්‍යය පීඩනයට පත් වේ.  

        මිනිසා ස්ථිතක ලෙස ජීවත් වන සත්ත්වයෙකු නොවේ. නිතරම වෙනස් වීමට ලක්වන, වෙනස් වීම ප්‍රිය කරන්නෙකි.කොවිඩ් වෛරසයට ලංකාව ගොදුරු වීමට පෙර තරමක ඒකාකර දිවියක් ගත කළත් විවේකයක් ලද සැනින් තරුණ පිරිස් එකට එක්ව විනෝදයෙන් කාලය ගෙවීම සිදු කරයි. එහෙත් මෙම තත්ත්වය නිසා එක් ස්ථානයකට සීමා වී සිටීමට සියල්ලටම සිදු වී තිබේ. එලෙසම තම වෘත්තීමය කටයුතු ද බොහෝ දෙනා නිවසට වී සිදු කිරීමට පෙල ඹී ඇත. තමාගේ ජීවිතයේ සුන්දරම කාල පරාසය මෙලෙස ඒකාකරී ලෙස ගෙවීමට සිදුවීම, ජීවන රටාවේ වෙනස්කම් සිදුව තිබීමද තාරුණ්‍යයන් බලපෑමට ලක් වන තවත් ආකරයකි. 

       එමෙන්ම මේ වන විට බොහෝ තරුණ පිරිස් සිය අනාගතය පිළිබඳ අශුභවාදී, රිනාත්මක අදහස් ඇති කරගෙන ඇත. හදිසියේ උද්ගත වූ මෙම තත්ත්වය හේතුවෙන් බොහෝ පිරිසකගේ විවාහ මංගලෝත්සව දින වෙනස් වීමකට ලක්විය. එමෙන්ම ප්‍රේම සම්බන්ඳතවන් සඳහා විව්ධ ප්‍රශ්න ඇති වීමද සිදුවිය හැකිය. ඇතැම් අධ්‍යාපන කටයුතු නිසියාකරව සිදුකර ගැනීමට නොහැකි වීම නිසා අනාගතය පිළිබඳ බියක් ඇතිවීම, කොවිඩ් 19 ආසාදනය වූ හෝ ආසදනය වූවෙකුගේ ආශ්‍රිතයෙකු වන්නේ නම් ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත් හැරීම වැනි විවිධාකරයේ අශුභවාදී අදහස් ඇති කර ගැනීම හෝ ඇතිවීම  ද තරුණ ප්‍රජාව අතර දක්නට ලැබෙන්නකි.  

        තාක්ෂණික වශයෙන් ඇති දැනුමෙන් තරුණ පරපුර ඉදිරියෙන් සිටියත් මෙම තත්ත්වයත් සමඟ යොවුන් පරපුර තාක්ෂණයට ඇබ්බැහි වීමක් සිදුව ඇත. දිනයේ වැඩි වෙලාවක් තාක්ෂණය සමඟ ගනුදෙනු කිරීම හේතුවෙන් පාසල් වියේ තරුණ තරුණියනගේ සිට බොහෝ තරුණ පිරිස් සමාජ මාධ්‍ය ජාල සමඟ, අන්තර්ජාලය සමඟ ගත කරන කාලය ඉහළ ගොස් ඇත. මෙලෙසින් තරුණ පිරිස බහුල වශයෙන් තාක්ෂණයට ඇබ්බැහි වීමද කොවිඩ් 19 වසංගතයෙන් ලද බලපෑම්ය.  

                                                                                                                                           
                                                                                                                                 පවනි රණසිංහ

Thursday, May 20, 2021

කොවිඩ් සහ තරුණ පරපුර - I

        
             වර්ෂ 2020 ලොව වෙසෙන සියලු ජනයා ඉතාමත් බියකරු වසංගත තත්ත්වයකට මුහුණ දුන් වසරක් විය. චීනයේ වූහාන් නම් නගරයෙන් ආරම්භ වූ මෙම රෝගය කොවිඩ් 19 ලෙස හදුන්වයි.  මේ වන විටද ලංකාව ඇතුලු ලොව සියලුම රටවල්  ඊට මුහුණ දෙමින් සිටියි. මෙම රෝගී තත්ත්වය සදහා වසරකට ආසන්න කාලයක් ගත වන තෙක් නිවැරදි ඖෂද සොයා ගැනීමට නොහැකි වූ අතර මෙය වෛරසයක් මගින් මිනිසාට බෝ වනන්කි. 

            මෙලෙස ඇති වූ වසංගත තතතවය හේතුවෙන් මිනිසාට එක් ස්ථානයකට සීමා වීමට, එනම් නිවසට වී කාලය ගත කිරීමට සිදුවිය. ලංකාව තුලද එම තත්ත්වය එසේම විය. කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීමට, සමාජ දුරස්ථ බව රදවා ගැනීමට අනුගමනය කල යුතු ප්‍රදාන ක්‍රියා මාර්ගය වූයේ එයයි. මෙලෙස නිවසට වී සිටීමට සිදුවීම මුල් කාලීනව පුද්ගලයින් බොහෝ සෙයින් ප්‍රීතියට පත් කරන්නා වී කාරණාවක් විය. දිනපතා රාජකාරීමය කටයුතුවලට පිටව යන දෙමාපියන්ට තම දරුවන්, පවුලේ සාමජිකයන් සමග එකට එක්ව කාලය ගත කරන්නට අවස්ථාවක් හිමි වීම එම සතුටට හේතු විය. 

            එහෙත් මිනිසා බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ඒ අයුරින් ගත කිරීමට සිදිවිය.  කාලයාගේ ඇවෑමෙන් පුද්ගලයාට මෙම ජීවන රටාවෙන් ද  සෑහීමක් නොලබුණි.  එලෙසම ආර්ථික ගැටලු, ඉගෙනීම සම්බන්ද ගටලු, මානව අයිතිවාසිකම් කඩවීම් ඇතුලු අර්බුඩ රැසකට මුහුණ දීමට විය. ක්‍රම ක්‍රමයෙන් කොවිඩ් වසංගතය කුඩා දරුවාගේ සිට මහලු පුද්ගලයා දක්වා බලපෑම් ඇති කිරීමට සමත් විය. මීට තරුණ පිරිස ද අයත් වේ.  

            ලංකාව තුළ මේ වන විට පවතින්නේ කොවිඩ් රෝගය ආෂ්‍රිත තුන්වෙනි රැල්ලයි. මෙය තරුණ ප්‍රජාවට වැඩිපුර බලමපෑමක් ඇති කරනා බව වෛදයවරුන්ගේ අදහසයි. වර්තමානය වන විට අප රට තුළ පවතින මෙම වසංගත තත්ත්වය හේතුවෙන් තරුණ පිරිස මුහුණ දෙනු ලබන ගැටලු කිහිපයක් සමග වෙනත් ල්පියකින් නැවත හමුවෙමු.

Tuesday, May 18, 2021

අම්මා

    චමල් අකලංක විසින් නිර්මාණය කරනු ලැබූ මෙම නිසඳැස මවගේ ස්නේහය පිලිබඳ මැනවින් කියා පාන්නකි. සිය ඳරුවන්ගේ ඳියුණුව උඳෙසා ඇය ඇගේ ඳිවිය කැප කරනු ලබන්නේ කිසිඳු පැකිලීමක් නොඳක්වමිනි. එවන් මවක් පිලිබඳ ඳරුවෙක් සංවේඳී වූ එක් අවස්ටාවක් ලෙස මෙම නිර්මාණය හඳුන්වන්න පුලුවන්.




 

භරත නාට්‍ය

           භරත නාට්‍ය යනුවෙන් හඳුන්වන්නෙ නර්තන කලාවකි. මෙය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයෙන් ආරම්භ වී ඇත. භරත නාට්‍ය යන්නෙහි අර්ථය වන්නේ...