Friday, June 4, 2021

භරත නාට්‍ය

         භරත නාට්‍ය යනුවෙන් හඳුන්වන්නෙ නර්තන කලාවකි. මෙය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයෙන් ආරම්භ වී ඇත. භරත නාට්‍ය යන්නෙහි අර්ථය වන්නේ, 

     භ - භාව

     ර - රාග

     ත - තාල

     නාට්‍ය - නර්තනය   යන්නයි.

       

         දේවදාසීන් යන්නෙහි 'දෙවියන්ට දාසකම් කරන' යන අරුත ඇත. කුඩා කාලයේ දේවාලයට භාර දෙන දරුවා මියයන තෙක් ඇය දෙවියන්ට විවාහ කර දුන් බව සිතිය යුතුය. යටත් විජිත සමයට පෙර මොවුන් දෙවියන් පිනවීම සඳහා නටන පුද්ගලයින් ලෙස හැඳින්වීය. එනිසා මෙවැනි කතුන් nautch  girls ලෙස ද හැඳින්වීය. මෙය තරමක් අවමාන අර්ථයකින් භාවිත විය.

        දේවදාසින් යනු සංකීර්ණ සංකල්පයකි. එම තරුණියන්ට විවාහ විය නොහැක. එහෙත් මෙම කාන්තවන් පූජකවරුන්ගේ,රජවරුන්ගේ හා බලය තිබෙන පුද්ගලයින්ගේ ලිංගික අවශ්‍යතාවන් සඳහා භාවිත කරලීය. අන් කාන්තාවන්ට නොමැති බලයක් දේවදාසින් සතු විය. ඇතම් අවස්ථාවල රජුන්ව විවේචනය කිරීමට පවා හැකියාවක් මෙම කතුන් සතු විය.  

        යටත්විජිත සමයේ දේවදාසි අදහස ගණිකා වෘත්තියක් ලෙස පෙණිනි. එනිසා යුරෝපීන් විසින් 1920 ගණන්වල දේවාල නැටුම් තහනම් කරනු ලැබීය. භරත නාට්‍යම් ලෙස නිශ්චිත කලාවක් ඇතිවන්නේ 1920 ගණන්වලින් පසුවයි. ඊට පෙර මෙම නර්තන කලාව 'සදීර්' ලෙස හැඳින්විය.  

        ඉහළ පංතියේ බ්‍රාහ්මණ කුලයෙන් පැමිණි රුක්මණී දේවි භරත නාට්‍යම් ඉගෙනගෙන ගෞරවනීයත්වයක් ලබාදීම මඟින් එය ආරක්ෂා කරලීය. රුක්මණී දේවි දේවදාසින් පන්නා දමා නැටුම් ඉහළ් පෙළේ බ්‍රාහ්මීය කාන්තාවන් අතර පමණක් ප්‍රචලිත වූ අතර තබා ගැනීමට මුල්විය. පසුව මෙය ඉහළ පැළැන්තියේ කාන්තාවන් අතර පමණක් ප්‍රචලිත විය. එහිදී භරත නාට්‍යම් යන නම ලැබිණි.   

පවනි රණසිංහ


භරත නාට්‍ය

           භරත නාට්‍ය යනුවෙන් හඳුන්වන්නෙ නර්තන කලාවකි. මෙය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයෙන් ආරම්භ වී ඇත. භරත නාට්‍ය යන්නෙහි අර්ථය වන්නේ...